ඒ අපුරු හිස් වැස්ම

පැළඳ ගතිමි මා
ඒ අපූරු හිස් වැස්ම
මඳක් හිර නමුදු රුවා ගත් විට
සොඳුරු බවම පෙනෙන
යටින් සැඟවී ඇති
රුද්‍රු බව කිසිවෙකුට නොපෙනෙන

කලකට පෙර නිදහසේ තුටින්
සසර සරණ විට
තරුවකින් බට දෙවුලියක හිටිවනම
මට
දුන්නෙහි රුවා පෙම් හාදු විදින

ගෙවා දිවි තුටින්
සසර සරණ විට ඈ සමඟ
දිනෙක සන්ධ්‍යාවක
මා සයනය මත තිබී හමුවිය
හිස් වැස්මක්
ඈ හිසට පමණක් ම ගැලපෙන

2 ක් අදහස් දක්වලා.:

Buru Babe

අපි විරහා කවි කියවන්නේ නෑ බ්‍රෝ...!
ගුටි කන්න බාලගෙන!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්