සුභ රාත්‍රියක් මිත්‍රයා..!

ilan

දල්වා
ජීවිතය ගැන
පොරොත්තු
නිහඬව සිටිත්දී

හැමදෙන
අයා දකිනතුරු
ජීවයේ
පහන් දැල්

නොපෙනුනත් සුව පැතූ
සහසකුත් මිතු කැලම
හැරදමා ගියා නුඹ
ජීවිතේ කෙළවරට

නොම පතමි
ඉපදෙන්ට
යලිත් මේ කුරිරු ලොව

සොයාපන් නව ලොවක්
නවමු සුභ ඇරඹුමක්

එතෙක්
සුභ රාත්‍රියක් මිත්‍රයා..!

9 ක් අදහස් දක්වලා.:

Hasitha Gunasinghe

ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........

ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html

Randika Sedara

වෙන්ව සිටි මිනිසුන් එක් කාර්යක් උදෙසා
මිනිසුන් පොදියක් කරන්නට ඔහු සමත් උනා
සිංහල ‍බ්ලොග් ඉතිහාසයේ ඔබ විශේෂ චරිතයක්ම වනු ඇති නිතැතින්

ඔබ හිස්අතින් නොව ගියේ මෙලොවින්
ගියේ හදවත් රැසක් ඔබ වෙතට දිනමින්
අලුත් ලොව සොයාපන් විගසින්
හෙට විටෙක අපද එහි එනු ඇත ඔබ මෙන්

"සොයාපන් නව ලොවක්
නවමු සුභ ඇරඹුමක්

එතෙක්
සුභ රාත්‍රියක් මිත්‍රයා..!"

රවා

හරියට හරි ලිෂාන් අයියා
සුභරාත්‍රියක්..
මෙක තමයි මම අදහන වචනය

රොකියා | Udara

නැවතත් ඔබ අප අතරටම එන තාක් සුභ රාත්‍රියක් සොයුර !

Thusitha (දිමා)

සුභරාත්‍රියක්..ඉලං

Narada

සුභ රාත්‍රියක්, මා නොදුටු සොහොරු මිත්‍රය.
මීටත් වඩා සුවැසි නව ලොවක හිමිදිරියක් දකින්න ලැබේවා කියා පතමි.

Akkandi

ඉලංදාරියාට සුභ රාත්‍රියක්.... ?
නින්දට ගොහින් නොනැගිට්ට ඔබ
මා දැක ඇත්තේ
සිතින් පමණි . . .
කවුරුවත් ඇහැරවන හඬ
ඇහුණේම නැද්ද?
අහන්න බැහැ හිතුණද?
අපි හැමෝම යන ගමන
ඔබ කලින්ම ගිහින්
නින්දෙන්ම . . . .
නිදන්න . . . ඔබ සුව නින්දක්
හිතුණොත් අවදිව
ආයෙමත් ඇවිත් යන්න එන්න!

නෙරංජි සුලක්ඛනා

සුබ රාත්‍රියක් අයියෙ

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්