සඳ සෙවනැලි

moon-reflection-wallpaper-b%26w-w7!xl@

හඳට
පෙම් කරන
දිය කැඩපත

මම ද හඳට
පෙම් කරමි
දෑත් දිගුකර
හිමි කරගන්න බැරි සඳ
දිය කැඩපතට
නැමුණු විට මම
බොඳ කලේ ඇයි
මා සිත්සඳ

තාමත් ආදරෙයි
සඳට මම

5 ක් අදහස් දක්වලා.:

චමිදේවා

බැස ගියත් සිත් අහසින් මගේ
ගිලුනාට දිය මත සඳේ
නුඹ තවම ඇත මගේ හදේ....

තවත් ලස්සණ නිරමාණයක් ලිෂ්...

දුකා

සඳට ඉකිබිඳ හඬන
නොදරුවන් නොවී අපි
සිනාසෙමු අතීතෙට
සෙනෙහසින් . . .

ඉලංදාරියා

ලස්ස්නම ලස්සන නිර්මානයක් සහෝ...ඇත්තටම...

චේජනා

දිය කැඩපත මත
‍රැ‍ඳෙන නිතින්...
සඳ සෙවනැල්ලට
බැඳුන සිතින්...
සඳ සෙවනැල්ලේ
මිහිර විඳින්...
හිමි කරගන්නට
නොයන් ඉතින්...

හුටපටයා

නුඹේ සද
නුඹ ලගින්ම
නුඹ වෙතටම
පායා එයි
ලගම දිනකම . . .

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්