වැස්ස වලාහක දෙවියනි දිය ලබලා දෙන්නේ…!

black-rain1

ඇස් කකියන වෙහෙස නිවා
සිත් කකියන දුක අරවා
වැව් අරණට දිය පුරවා
වැස්ස වලාහක දෙවියනි
දිය ලබලා දෙන්නේ...//


නිමක් නොමැති දුක දැකලා
දුඹුලු සුවඳ නැහැය අරා
ගිනියම් වූ ලොව නිවලා
වැස්ස වලාහක දෙවියනි
දිය ලබලා දෙන්නේ...//


සියොතුන් යන්නට පියඹා
නීල වණින් ලොව සනසා
සුබවත් නව ලොව උදෙසා
වැස්ස වලාහක දෙවියනි
දිය ලබලා දෙන්නේ...//

4 ක් අදහස් දක්වලා.:

තීර්ථ යාත්‍රිකයා

මට කවි ලියන්න නම් බෑ.
මම ඉස්සර කවි කියවන්න කැමතිත් නෑ.හැබැයි දැන්
නම් කියවන්න හරි ආසයි.මට කියනවද කවි ලිවීමේ රහස :)

Narada

තීර්ථ යාත්‍රිකය, හිත හිතටත් එක්ක ලෙන්ගතු බැඳිමක් තිබීමත් හුදෙකලාවත් පංච ඉන්ද්‍රීයත් හොඳ කවියකට උදව් වෙනවා ඇත්තේ.

Narada

අපිට ඉතිං මදි නොකියන්න දවස් දෙකක් හැර දවස් දෙකක් ගාණේ Spring වැසි වහිනවා ගල් සීතල එක්ක (ලංකාවේ වැසි වගේ සැපක් නෑ).

රවා

ලිෂ් අයියා අපිට වැස්සා ඔන්න... මදි නොකියන්න වහිනවා දැන්.. මොකද කරෙ ඇත්තට.. ඝන තියලා, කවිලියලා වැස්ස ගෙන්න ගත්තා නෙද...?

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්