නිවීගිය පහන් සිල

050102_tsunami

දුව පැන්න ලොව දින්න දුවනි කොයි සැඟවුනේ
චණ්ඩ රළ තුලද නුඹ තවත් මගේ දියණියේ
නුඹ ගැනයි එකම සිත කොයිබදැයි සොයමිනේ
නැගෙන රළ තුල සොයමි තවත් නුඹ දුවණියේ


දෙ අත මත තුරුලි වී කිරි සිනා නගමිනේ
පවසනා රස බසින් මා සවන් වසමිනේ
"අප්පත්ති ආදලෙයි" ගෙල වටා වෙලෙමිනේ
සිටි මගේ සුරතලී කොහෙද ගියේ දෙවියනේ


අම්ම ගිය ලොවට නුඹ පියා සැලුවද පුතේ
අප්පච්චි තනියෙන් ය ඇයිද අමතක උනේ
අම්මගේ පහන ළඟ නව පහන එලිවුනේ
සුරලොවෙන් අතවනන නුඹටමයි දුවණියේ

 

6 ක් අදහස් දක්වලා.:

malee_msg

හරිම සංවේදී කවියක්

දුකා

සුනාමියෙන් පසු ඉතුරු වුනු වේදනාබර මතක සටහන් එක්ක පියෙකුගේ කඳුළු බිඳු කවදාවත් දෙනෙතින් වේලෙන එකක් නෑ කියලා හිතුනා ලිෂ් මේ කවිය කියෙව්වාම . . . හරිම වේදනාබරයි . . සංවේදීයි . . .

Anonymous

අනේ කාටවත්ම මෙහෙම දුකක් වෙන්න එපා !!!

අනේ මෙහෙම දුක දේවල් ගැන ලියන්න එපා, බං මල්ලී...

Unknown

හදවතට දැනෙන්න ලියල තියනවා...

Thameera

මට ඇඬුණා මචං..

ආගන්තුකයා | Stranger

සිරාවට බං ඇඬෙන කවියක්.. පට්‍ටයි..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්