හාදුවට ඉඩ දෙන්න



ඉඩ දෙන්න හාදුවට
දෙතොල් මත සැතපෙන්න
ආදරේ බිඳක් වත්
මොහොතකට තැවරෙන්න

කියන්න ට ඇතත් දේ
කෙසේ කියමිද මෙලෙස
දරන්න ට බෑ බැල්ම
පොපියවයි මා දෙතොල

අවට ලොව බොඳවිය
අප ම පමණක් විය
තොල් එකට යාවිය
මැදට තිරයක් විය

(image courtesy W3Lanka )





6 ක් අදහස් දක්වලා.:

Anonymous

නියමම නිර්මාණයක් මචන් කතා දෙකක් නැ නියමයි

හේ හේ මගේ ඔලුව #$#$@$

මතකයන් අවදි වෙනවා බන්

දුකා

අනේ මේ එච් වන් එන් වන්
ආදරේට හරපු හදියක් . . .
හිතුවෙ නෑ හීනෙන් වත් මම්
මේ විදිහට සිප ගන්න නම් . . .
ආදරෙත් බියකරුයි තමයි
ඒත් එච් වන් එන් වන්
ඊට වඩා බියකරුයිළු . . .
ඉතිං අපි දෙකම ගැන හිතලා
මේ විදීහට වත් සිපගමු . . .

Narada

මේකට කෙලින් අදාල නො වුණාට ඇත්තටම ඔය හාදූ සුන්දර වුණාට අපේ මුල් හාදුව තරම් සුන්දර මතකයක් නෑ නේද? :)

අන්තිමට ඒ හාද්දේ උණුසුම දැන් තෙදොලේ පුළුස්සවන්න අරං නේද!!!

malee_msg

කවියයි ෆොටෝ එකයි දෙකම නියමයි.!

LishWish

@දිසා: මතකයන් අවදිවෙනවා නම් එහි හොඳ හා නරක දෙපැත්තක් තියෙනවා. මලයා එහි සුභපැත්ත තෝරාගනියි කියලා හිතනවා..! තුති කොමෙන්ටුව ට. :)

@දුකා:
ලෙඩරෝග අපේ ජීවිත ඇතුලේ මොනතරම් සාමාන්‍යකරණය වෙලාද කියලා හිතෙනවා නේද...?

@බිංකු: හරියට හරි මලයා.., පරණ මතක අපේ හිත් පුලුස්සන්න අරං උනා ට අපි එහිම ඇලී ගැලී ඉන්නේ හිත ඇතුලෙන් මොනතරං ආසාවෙන්ද කියලා උඹ මම අපි හැමෝම දන්නවා..., ඒ පිච්චුනත් ඒ මතකෙට අපි තාම ආදරේ නිසා..!
ස්තූතියි කොමෙන්ටුව ට.

@ මලී : ස්තූතියි. මේ රූපේ තිබුනේ W3 අඩවියේ...

Rachintha Jayawardhana

අනේ මට දාන්න දෙයක් හිතුනෙම නෑ.බලපු දවසෙම කමෙන්ටුවක් නොදා හිටියා.පස්සේ දාන්නම් කියලා.ඒත් බෑ! ඒ තරමට එළ

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්