කැමැත්තට ඇල්ලූ පොර

මේ වන විට උතුරේද, ඌවේ ද මනාප පොරය අවසන් වී ඇත. දත් විළිස්සාගත්තෝ කටවුට් වලින් බැස. තමන්ට [බලු] පොරය ට වියදම් වූ මිල පියවා ගන්නට බලය ලැබෙන තුරු මාන බලති. මේ උන් ගැන ලියැවෙන පද පෙළකි...

උතුර දිනති , දකුණ දකිති
ඌව දිනති , කොළඹ සිටිති
රුදුරු රුවැති , මැති අගමැති
වඳිති වැටෙති , මහරජ පැති

හෙන්ඩුව ඇති , අලියා නැති
සීනුව වෙති , හඬක් නොමැති
ඇපයක් වෙති , රජ සතු වෙති
සෙස්සෝ සිටිති , හිටිතැන් නැති

කතිරය වෙති , පෙර පින් ඇති
අය පැමිනෙති , ගසා යැවෙති
වෙන් කොරවෙති , ඵල බලවති
කිසි නොමවෙති , රජා දිනති

wrestling

0 ක් අදහස් දක්වලා.:

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්