නිර්වින්දනයේදී අතහැර යාම..

n78001554090_1894712_5089348

දෑත බිම ඔබා ජීවිතය
යදින්න
පස්ස ට වාරුවී
ඒ දෙස බලන්න
නිහඬව උන් ඔබේ
ලිහිල් කෙස් රොදක්
මා මුහුනේ
නොහැපුනේ ඔබ මට ඉදිරියෙන් හිටි
නිසාද
මා ඔබව හැරයද්දිත් ඔබ නිහඬව
මා දෙස යදිනා ලෙද සිටියේ
ආදරය පතා ද?

මොහොතක ට
මා හදවත නිර්වින්දනය විය

දෑස හැර බලන විට
ඔබ අතින් වැසිය හැකි තරම් කුඩා තිතක් විය..
පසුව නොපෙනී ගියේ ය.

[රූප අනුග්‍රහය: මූණු පොතේ I Miss You කණ්ඩායම් ආකෘති පතේ ඇති රූ කළස කින්.]

4 ක් අදහස් දක්වලා.:

gayandinusha

කියවන්න කියවන්න ආසා හිතෙන... නිසඳැසක්

Narada

කැරකෙන කැරකෙන මේ ලොකේ
තවත් කැරකෙන මායාවකි ආදරේ

Eternal Sunshine of the Spotless Mind චිත්‍රපටියයි මට මේ කවිය ඇසුරෙන් මතක් වුණේ!

Anonymous

ලිෂාන්ට මතකද උසස් පෙළ සිංහල නුතන පද්‍ය සංග්‍රහයේ මෙ වගේ අදහසක් තියන කවියක් තිබුණා නිශ්සබ්දතාවය කියලා

LishWish

ඔව් දිසා.. ඔබ හරි..නිශ්ශබ්දතාවය නිසඳැස මගේ ජීවිතයට සම පාත කළා ම ආපු උත්තරය තමා මම ඔය බ්ලොග් වැලේ වනා ඇත්තේ....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්