න්‍යශ්ටික ලොව තුළ නශ්ඨ වූ පෙම

විදුහල් දෑත මත
ඇද වැටුණු ප්‍රේමය
මියෙන්නට ළඟයි
දෙදෙනෙකු ගේ ආදරය නොමැතිව

ලයිලා මජ්නූ සාලිය අශෝකමාලා
සාජහාන් මුම්ටාස් රෝමියෝ ජුලියට්
ලෙද පරපුරෙන් පරපුරට
පැවත ආ ප්‍රේමය
මියෙන්නට ළඟයි
කිසිවෙකු ගේ සරණක් නැතිව

පනනගියි කුකුසක්
පවුල් ජීවිතය න්‍යශ්ටික වූ කළ
ආලයක් කොයින්ද
උනුන්ගේ අවැසිකම් පිරිමහනු විණා

ලොකු දෙ ක්ෂය වී
සියලු දේ සාරාංශ කරණය වූ කළ
ආලයට පමණක්
ගැලවියහැකිද ඉන්

අනාගත ලොව
කොන්ක්‍රීට් වන මැද තනි වී
නන්නාදුණන ජීවිතය තුළ
මොළය පමණක් වෙනස් වෙමින්
පරිණාමය නැවතීම නිසා
තුත්තිරි ගසක් යටට වී
ඩාවින් ට පරිභව කරමු ද?

0 ක් අදහස් දක්වලා.:

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්