දිව්‍යමය හඬක් ගැන පුංචි ඔත්තුවක්......

මගේ ජීවිතෙ ආදරණීය ම මිතුරිය ගෙන් මට හරිම සුන්දර දෙයක් ගැන තොරතුරක් හම්බ උනා, ගායිකාවක් ගැන. ඇය ලංකාවේ තැනත්තියක් නොවෙයි. ඇගේ උපන් බිම අයර්ලන්තය, නමුත් දැනට ජීවත් වෙන්නෙ එංගලන්තයේ. ඇයගේ නම "සුසන් බොයිල්". වයස අවුරුදු 47යි.
susan boyle පෙනුමින් වෙනසක් නැතත්, ඇය ගේ හඬ මට ගෙනාවෙ ඇය ගැන දිව්‍යමය හැඟීමක්. පසුගිය දවසක ඇය බ්‍රිතාන්‍ය යේ පැවති Britain Got Talent තරඟයේ දී, I Dreamed a Dream ගීතය ගායනා කලා. වේදිකාව ට එන විට පැවතියේ උපහාසය මුසු සිනහවක් උවත් ඇය ගීතය ගායනා කරනවාත් සමඟ ම ප්‍රෙක්ෂකාගාරය හුන් අසුන් වලින් නැගී සිටිමින් එයට ප්‍රතිචාර දක්වපු අන්දම හරිම පුදුමය දනවන සුළුයි.

Youtube වෙබ් අඩවියේ මෙම ගීතය අඩංගු VideoClip එක ඇතත්, එය වෙනත් වෙබ් අඩවියක ප්‍රචාරය වීම නවත් වන්නට කටයුතු යොදලා. නමුත් පහත ඇති link එක click කිරීමෙන් ඔබට එම ගීතය බලන්නට පුලුවන්. ඒ වගේම පහත ඇති Wikipedia link එක හරහා ඇය ගැන තොරතුර දැනගන්නටත් පුලුවන්.....
Youtube link : I Dreamed a Dream sung by Susan Boyle
Wikipedia link : Present Information Susan Boyle

2 ක් අදහස් දක්වලා.:

බුද්ධික

මම මේ දැක්කා CNN එකේ...මේ පිලිබද ගොඩක් අගය කරා ඒගොල්ලො

LishWish

ඇය වේදිකාවට එනවිට, ලැබුණ පිළිගැනීම ලංකාවේ ඈත ගම් වලින් එන ගොඩක් අයට උරුමයි. මතකද සිරස සුපිරි තරු වැඩසටහනේ පටන්ගැන්මෙදී...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්